නේපාලය බූස්ටර් මාත්‍රාව අරඹයි

Monday, 17 January 2022 - 13:38

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%96%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B6%B9%E0%B6%BA%E0%B7%92
නේපාලය අද සිට කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත්කරණයේ බූස්ටර් මාත්‍රාව ලබා දීම ආරම්භ කර තිබෙනවා.

ඒ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය සැලකිල්ලට ගනිමින්.

ඒ අනුව මෙම සතිය තුළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල සාමාජිකයන්ට බූස්ටර් මාත්‍රාව ලබා දෙන අතර ඉන් අනතුරුව එරට වයස අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන්ට එය ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.

මාස 6කට පසු නේපාලයෙන් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ එරටින් ආසාදිතයන් 4,961 දෙනෙකු වාර්තා වුණා.

ඒ සමග එරට සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 955,206ක් ලෙසයි.

මේ වන විට නේපාලයෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 11,620ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories