සුනාමියෙන් පසු ටොංගා දිවයින් සමග සන්නිවේදන සබඳතා තවමත් අඩපණයි

Tuesday, 18 January 2022 - 11:49

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%A7%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
පැසිෆික් සාගරය පත්ලේ පිහිටි ගිනි කන්දක් විදාරණය වීමෙන් හට ගත් සුනාමියෙන් වැඩිම බලපෑමක් ඇති වූ ටොංගා දිවයින් සමග ජාත්‍යන්තර සන්නිවේදන සබඳතා තවමත් අඩපණ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ, කම්පනයෙන් ටොංගා දිවයින් සමග මුහුද යටින් සම්බන්ධ වූ සබ්මැරීන කේබල විසන්ධිවීම හේතුවෙන්.

මේ අතර, ගිනි කඳු අළුවලින් ගුවන් ධාවන පථය වැසී යාම නිසා නවසීලන්තය විසින් එහි යැවූ ආධාර රැගත් ගුවන් යානා ගොඩබැස්සවීමට නොහැකි වී ඇති බව වාර්තා වනවා.

විශේෂයෙන් ගිනි කඳු අළු මෙන්ම සුනාමිය හේතුවෙන් ජලය දූෂිත වීම නිසා එරට වැසියන්ට පානීය ජලය සැපයීම දැඩි අවශ්‍යතාවක්.

සුනාමියෙන් ටොංගා දිවයින්වලට සිදුවූ හානිය මෙතෙක් මුළුමනින්ම අනාවරණ වී නොමැති අතර එමගින් 80,000ක් පමණ පීඩාවට පත්ව ඇති බව සඳහන්.

මේ අතර, සුනාමි රළ පහර මධ්‍යයේ සිය සුරතල් සුනඛයින් රැක ගැනිමට උත්සාහ දැරූ ටොංගා දිවයින් හි වසන 50 හැවිරිදි බ්‍රිතාන්‍ය කාන්තාවට සුනාමි රළ පහරට ගොදුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories