සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වී 43ක් මරුට

Tuesday, 18 January 2022 - 12:34

%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93+43%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මොරොක්කෝව ආසන්න මුහුදේ සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කුඩා ළමුන් තුන්දෙනෙකු ද මියගිය පිරිස අතර වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යාත්‍රාවේ සිටි පුද්ගලයන් 10 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

දිවි ගලවා ගත් පුද්ගලයන් අනෙක් පිරිස බේරා ගැනීම සඳහා බලධාරීන්ගේ සහය ලබාගැනීමට උත්සය කර ඇති අතර පැය දෙකක පමණ කාලයකින් අනතුරුවයි සන්නිවේදන පහසුකම් ලබාගැනීමට හැකිවී ඇත්තේ.

අනතුරුව බෝට්ටුව ඇති ස්ථානය සොයා ගැනීමට සහ බේරා ගැනීමට මොරොක්කෝ බලධාරීන්ට පැය ගණනක් ගත වී තිබෙනවා.

මියගිය 43 දෙනාගෙන් මේ වන විට සොයා ගෙන ඇත්තේ මළ සිරුරු දෙකක් පමණක් බවයි සහන කණ්ඩායම් ප්‍රකාශ කර ඇත්තේ.

සංක්‍රමණිකයන් Tarfaya සිට කිලෝමීටර් 100ක් දුරින් පිහිටි ස්පාඤ්ඤ කැනරි දූපත් වෙත ගමන් කරමින් සිටි බව සඳහන්.

කැනරි දූපත් යනු සංක්‍රමණිකයන්ගේ ප්‍රධාන සංක්‍රාන්ති ස්ථානයක්.

පසුගිය වසරේ සංක්‍රමණිකයන් 4,000කට වැඩි පිරිසක් ස්පාඤ්ඤයට යාමට තැත් කිරීමේදී මිය ගොස් හෝ අතුරුදහන් ව තිබෙනවා.

බහුතරයකගේ සිරුරු මෙතෙක් හමු නොවූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories