ටොංගා සුනාමියේ සහන මෙහෙයුම් අඩපණයි

Tuesday, 18 January 2022 - 13:32

%E0%B6%A7%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
පැසිෆික් සාගරය පත්ලේ පිහිටි ගිනි කන්දක් විදාරණය වීමෙන් හට ගත් සුනාමියෙන් වැඩිම බලපෑමක් ඇති වූ ටොංගා දිවයින් සමග ජාත්‍යන්තර සන්නිවේදන සබඳතා තවමත් අඩපණයි.

ඒ, කම්පනයෙන් ටොංගා දිවයින් සමග මුහුද යටින් සම්බන්ධ වූ සබ්මැරීන කේබල විසන්ධි වීම හේතුවෙන්.

මේ අතර, ගිනි කඳු අළුවලින් ගුවන් ධාවන පථය වැසී යාම නිසා නවසීලන්තය විසින් එහි යැවූ ආධාර රැගත් ගුවන් යානා ගොඩබැස්සවීමට නො හැකි වී ඇති බව වාර්තා වනවා.

ගිනි කඳු අළු මෙන්ම සුනාමිය හේතුවෙන් ජලය දූෂිත වීම නිසා එරට වැසියන්ට පානීය ජලය සැපයීම ද දැඩි අහියෝගයක් වී ඇති බව සඳහන්.

මේ අතර, නවතම චන්ද්‍රිකා ඡායාරූප මගින් අනාවරණ වී ඇත්තේ, නුකුවාලෝෆා අගනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවකටම සුනාමියෙන් දැඩි හානි සිදු ව ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories