එල්.අයි.ඕ.සී. සමාගම තෙල් දීම ප්‍රතික්ෂේප කරයි - සපුගස්කන්ද විදුලි බලාගාරය වැසේ (වීඩියෝ)

Tuesday, 18 January 2022 - 20:49

%E0%B6%91%E0%B6%BD%E0%B7%8A.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%95.%E0%B7%83%E0%B7%93.+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කුමන මොහොතක විදුලිය විසන්ධි වේදැයි ජනතාව අවිනිශ්චිත තත්වයක පසුවන මොහොතක මෙරට විදුලි උත්පාදනයට දායක වන බලාගාර වැසීයාම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන්. එවන් පසුබිමක විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කළ ඉල්ලීමට අනුව ඉන්ධන ලබාදිය නොහැකි බවයි ලංකා අයි.ඕ.සී. සමාගම අද දැනුම්දී තිබුණේ.

දැවි තෙල් අවසන්වීම හේතුවෙන් සපුගස්කන්ද විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු අද දහවල් නතර වුණා.

එසේම හෙට අලුයම් කාලයේදී කැළණිතිස්ස බලාගාර දෙකද වසා දැමීමට සිදුවනු ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැවි තෙල් මෙටි්‍රක් ටොන් 900 ක් ලැබෙමින් පවතින බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමනි කියා සිටියේ.

දැනට ලැබුණු ඩීසල් සහ දැවි තෙල් තොග අනුව අද රාත්‍රියේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ අමතර ඉන්ධන තොග නොමැතිවීම හේතුවෙන් මේ මොහොතේ ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාදිය නොහැකි බව ලංකා ඉන්දියානු ඔයිල් සමාගම දැනුම් දුන් බවයි.

මේ සම්බන්ධයෙන් ලංකා අයි.ඕ.සී. සමාගමෙන් අප කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම තම සමාගමද මේ වනවිට ඩොලර් අර්බුදයකට මුහුණදී සිටින බවයි.

එවන් පසුබිමක තම සමාගමේ මූලික අභිප්‍රාය වන්නේ ඉන්ධන පිරවුම්හල් සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම බවද ලංකා අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළා.

මේ අතර ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය රජය මීට පෙර එකඟතාව පළ කර තිබූ ඩොලර් මිලියන 500 ක ණය මුදල අද අනුමත වී තිබෙනවා.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද පස්වරුවේ මේ බව තහවුරු කළේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්.

පවතින තත්ත්වය හමුවේ කොළඹ වරායේ නෞකාවක පවතින ඉන්ධන කඩිනමින් සපයා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා කරමින් පවතින බවයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories