රත් වුණු හම්බන්තොට ලුණු ලේවාය (වීඩියෝ)

Tuesday, 18 January 2022 - 22:10

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%BD%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
හම්බන්තොට ලුණු සමාගමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් සිදුකළ සත්‍යග්‍රහය අතරතුරදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, ලුණු ලේවාය ඉදිරිපිටට පැමිණි පිරිසක් එහි සී.සී.ටී.වී. කැමරාවලට හානි සිදුකරමින් කළහකාරී ලෙස හැසිරීමත් සමඟයි.


පාලක මණ්ඩලයේ වැටුප් වැඩි කරගැනීම හා හම්බන්තොට අවට ව්‍යාපාරිකයින්ගේ ලුණු පංගු කපා ඉවත් කිරිමට විරෝධය පළ කරමින් ලංකා ලුණු සමාගමේ සභාපති වරයා ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු
පිරිසක් මහ ලේවායේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක්ද ආරම්භ කළේ පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදායි.

සති කිහිපයක් තිස්සේ පැවති සත්‍යග්‍රහය අතරතුර හම්බන්තොට නගරාධිපතිවරයා විසින් තමන්ට මරණ තර්ජන සහ බියවැද්දීම් කළ බවට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරන මහතා ඊයේ පොලිස් මූලස්ථානයට
පැමිණිල්ලක්ද භාර දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories