රාජ්‍ය ප්‍රතිපත්ති ගැන කල් තැබීමේ විවාදය ඇරඹේ

Wednesday, 19 January 2022 - 14:00

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදය අද (19) පස්වරුවේ ආරම්භ කෙරුණා.

ඊයේ (18) දින පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීමෙන් සහ රාජාසන කතාවෙන් නව වසරට අදාළ මංගල පාර්ලිමේන්තු සැසිවාරයේ වැඩකටයුතු ඇරඹුණා.

ජනාධිපතිවරයා විසින් මෙම වසරේ රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව වැඩපිළිවෙළ ගැන හැඳින්වීමක් සහ ආණ්ඩුව විසින් අවධානය වැඩි වශයෙන් යොමු කරනු ලබන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

මෙලෙස රැස් වූයේ ඊයේ දින 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරයයි.

ෛන් අනතුරුව සභාව කල් තැබීමට සභා නායක දිනේෂ් ගුණවර්ධන විසින් ඉල්ලා සිටි අතර, සභාව අද පස්වරුව තෙක් කල් තැබීම ද සිදු කෙරුණා.

මෙලෙස අද පස්වරුවේ ඇරඹුණේ නව වසරේ කතානායකවරයා ප්‍රමුඛව විවාදවලට එළඹෙන මැති ඇමතිවරුන්ගේ පළමු විවාද හමුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories