සංවර්ධනය හීනයක් වූ ලේවැල්ල පාලම (වීඩියෝ)

Wednesday, 19 January 2022 - 14:14

%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%9A%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සංවර්ධනය කරා යන ගමනේදී පැරණි දේ වෙනුවට අලුත් දේ එක්කර ගැනීම නිතැතින්ම සිදු වන්නනක්.

කෙසේ වෙතත්, පැරණි දේ අමතක කර දැමීම කිසිසේත් සිදුනොකළ යුත්තක්.

එලෙස වසර ගණනාවක් සේවය සපයා මේ වනවිට බලධාරීන්ගේ ඇසින් ගිලිහී ගිය පාලමක් පිළිබඳවයි මේ තොරතුරු.

මහනුවර නගරයත් දුම්බර මිටියාවතත් යා කරමින් මහවැලි ගඟට ඉහළින් ඉදිකර තිබූ ලේවැල්ල පාලමයි මේ.

එවක ඉංග්‍රීසි පාලන සමයේ දී ඉදිකෙරුණු මෙම සංගිලි පාලම වසර 150කට ආසන්න කාලයක් දුම්බර මිටියාවතේ ජනතාවට ලබාදුන් සේවය සුළු පටු නැහැ.

1993 වසරේදී මෙම ස්ථානයට ස්ථිර පාලමක් හිමිවන්නේ මහනුවර නගරයේ සංවර්ධනයත් සමගයි.

කෙසේවෙතත්, වසර ගණනාවක් තිස්සේ විශාල පිරිසකට සේවය සැපයූ පාලම බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහීමේ ප්‍රතිඵලයයි මේ.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, මේ වනවිට දැඩි ලෙස අබලන් වී ඇති ලේවැල්ල සංගිලි පාලම මතු පරපුර වෙනුවෙන් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බවයි.

බ්‍රිතාන්‍ය පාලනය සමයේ ඉදිකෙරුණු සංගිලි පාලම් සහ යකඩ පාලම් වෙනුවෙන් නව පාලම් ඉදිකර තිබුණ ද එම පැරණි පාලම් පුරාවිද්‍යා දේපළක් වශයෙන්
සංරක්ෂණය කෙරෙන බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

එහෙත් ලේවැල්ල පාලමට එවැනි අවධානයක් යොමුනොවීම කනගාටුවට කරුණක් බවයි ඔවුන් චෝදනා කරන්නේ.

සංවර්ධන අවශ්‍යතා පුළුල් වීමත් සමඟ පැරණි දේ වෙනුවට අලුත් ව්‍යාපෘති එක්කිරීම මෙන්ම පෞරාණික වටිනාකම් සහිත දෑ සංරක්ෂණය කිරීමත් බලධාරීන් සතු වගකීමක්.


 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories