ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් හමුදාපතිගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

Wednesday, 19 January 2022 - 15:57

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රථම ගුවන් හමුදාපති, අභාවප්‍රාප්ත විශ්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද මෙන්ඩිස්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවසන් ගෞරව දක්වනු ලැබුවා.

ඒ මහතාගේ දේහය තැන්පත් කොට ඇති ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාව වෙත අද (19) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ ඥාතීන් වෙත තම සංවේගය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිලධාරියා ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කළ මෙන්ඩිස් මහතා බ්‍රිතාන්‍යයේ දී ගුවන් නියමු උපදේශක තනතුර හා පියාසර උපදේශකයෙකු ලෙස පුහුණුව ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

හරිප්‍රසාද මෙන්ඩිස් මහතා 1971 වසරේ දී රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් වූ අතර, 1972 දී රාජකීය ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය වීමත් සමග එහි පළමු ගුවන් හමුදාපතිවරයා වූයේ ද ඔහු යි.

මෙම අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories