ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග 2021 වසරේ T20 කණ්ඩායමට

Wednesday, 19 January 2022 - 17:24

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B3%E0%B7%94+%E0%B7%84%E0%B7%83%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+2021+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+T20+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7
ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මේ වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වසරේ T20 කණ්ඩායමට නම් කර තිබෙනවා.

අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් අනුව පන්දුවාර 20 හොඳම පන්දු යවන්නා ලෙසද නම් කර ඇති වනිඳු හසරංග මේ වනවිට පසුවන්නේ එම වර්ගීකරණ ලැයිස්තුවේ පළමුව වන ස්ථානයේයි.

2021 වසර තුල පන්දුවාර 20 තරග තරග 20කට එක්වී ඇති වනිදු එම තරගවලදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 36ක්.

ඒ කඩුළු ලබා ගැනීමේ සාමාන්‍යය 11.63ක රඳවා ගනිමින්.

වනිදු ගේ මෙම සාමාන්‍යය ඒ වසරේ පන්දුවාර 20 පන්දු යවන්නකු කඩුලු ලබාගැනීම සඳහා වාර්තා කර ඇති හොඳම සාමාන්‍ය ද වනවා.

එමෙන්ම පන්දුවාර 20 තරග තුළදී පිත්තෙන් ද ඉහල දස්කම් දක්වා ඇති වනිඳු එහිදී එක් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 196ක් ලබා ගෙන තිබෙනවා.

2021 වසර තුලදී පන්දුවාර 20 ආකෘතියෙන් දක්ෂතම දඟ පන්දු යවන්නෙකු ලෙසින් තමන්ව තහවුරු කරගත් වනිඳු හසරංගගේ දස්කම් වඩාත් කැපී පෙණුනේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදීයි.

ඔහු එම තරගාවලිය අවසන් කළේ කඩුළු 16ක් සමඟින් ප්‍රමුඛතම කඩුලු දවාගත් ක්‍රීඩකයා බවට පත්වෙමින්.

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දී අයර්ලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 71 පිතිකරුවෙකු ලෙසින් ද වනිඳු ගේ හැකියාවන් ප්‍රකට කළා.

එම තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව සාජා හි පැවති තියුණු තරගයේදි, හසරංග වාර්තා කළ කඩුළු ත්‍රිත්වය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට කළකට අමතක නොවනු ඇති.

ඩ්වේන් ප්‍රිටෝරියස්, ඒඩන් මාක්‍රම් (19) සහ ටෙම්බා බවුමාගේ (46) කඩුළු ලබා ගනිමින් වනිඳු එම කඩුළු ත්‍රිත්වය තමන් සතු කරගත්තා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වසරේ පන්දුවාර 20 කණ්ඩායමට එංගලන්ත කණ්ඩායමේ ජොස් බට්ලර්, පාකිස්තාන කණ්ඩායමේ මොහොමඩ් රිස්වාන්, ෂාහීන් අෆ්‍රිඩි සහ බාබර් අසාම්, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එයිඩන් මැක්‍රම්, ඩේවිඩ් මිලර්, සහ තබ්‍රේස් ෂම්සි, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් මාෂ්, සහ ජොෂ් හේසල්වූඩ්, සහ බංග්ලාදේශ කණ්ඩායමේ මුස්ටාෆිසර් රෙහෙමන් ඇතුළත් වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වසරේ පන්දුවාර 20 කණ්ඩායමට පන්දුවාර 20 ක්‍රිකට් ලෝකයේ දැවැන්තයින් රැසක් සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හෝ ඉන්දීය කණ්ඩායමේ එකදු ක්‍රීඩකයෙකු හෝ ඇතුළත් නොවීම විශේෂ සිදුවීමක්.

එමෙන්ම මෙම කණ්ඩායමට නවසිලන්ත කණ්ඩායමේ ද කිසිදු නියෝජනයක් සිදුවී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories