නිලධාරින් දිරි ගන්වමින්, රජයේ ඉදිරි සැලසුම් සහ ඉලක්ක සපුරා ගැනීම අමාත්‍යංශ ලේකම්වරු සතු වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් එම ධුරයේ රාජකාරි ඇරඹිමෙන් පසු පැවැති කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ හමුව අමතමින්.
නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වූ ගාමිණී සෙනරත් ජනාධිපති කාර්යාලයේ දී අද පෙරවරුවේ රාජකාරි අරඹනු ලැබුවා.
එම අවස්ථාවට හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ද එක්ව සිටියා.
ගාමිණී සෙනරත් ජනාධිපති ලේකම් ධුරයට පත්වීමත් සමඟ පුරප්පාඩු වී ඇති අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක පත් කර ඇති අතර, ඔහු සිය පත්වීමේ ලිපිය අද ජනාධිපතිවරයා අතින් භාර ගනු ලැබුවා.
එසේම, වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා යි.
මේ අතර වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.
ඒ අනුව, නව සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය ප්‍රසන්ත ජයමාන්නයි.
එමෙන්ම, මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කර එම තනතුරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක පෙරේරා පත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, තමාව ධුරයෙන් ඉවත් කළ බවට දැනුම්දීමක් සිදුකර නොමැති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ කියා සිටියේ.

Follow US
Most Viewed Stories