දකුණු කොරියානු ශ්‍රම වෙළෙඳපොලෙහි ශ්‍රී ලංකාවට වැඩි ඉඩක්

Friday, 21 January 2022 - 8:02

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%89%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A
දකුණු කොරියානු ශ්‍රම වෙළඳපොලෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලබාදීමට පියවර ගන්නා බව එරට ජාතික සභාවේ කතානායක පාක් බියෝන්ග් - සියෝග් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ජනාධිපති කාර්යාලයේ දී ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේදීයි.

මේ වනවිට දකුණු කොරියාවේ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් 22,000කට ආසන්න පිරිස ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙන බව දකුණු කොරියානු කතානායකවරයා එහිදී ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රැකියා, වෘත්තීය පුහුණු හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහය ලබා දෙන බවයි.

ඒ සඳහා ආධාර ලබාදීමටද දකුණු කොරියානු කතානායකවරයා එහි දී එකඟතාවය පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා එහි දී සඳහන් කළේ, ආසියාවේ කෙන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුල පුළුල් අවකාශයක් පවතින බවයි.

එම අවස්ථා උදාකර ගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ, සමාගම් දිරිගන්වන ලෙසටයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories