ගත වූ පැය 24ට රිය අනතුරු 3ක්

Monday, 24 January 2022 - 7:33

%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%A7+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+3%E0%B6%9A%E0%B7%8A
වැලිපැන්න පොලිස් වසමේ වළගෙදර අතුරු මාර්ගයේ මිල්ලගහවත්ත ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

වළගෙදර හන්දිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් පාලනයෙන් ගිලිහී මහමඟ පෙරළී ඇති අතර, ඉන් ඇති වූ බරපතළ තුවාල හේතුවෙනු යි මෙම මරණය සිදු වී ඇත්තේ.

මිය ගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ පසුපස ගමන් කළ පුද්ගලයෙකු වන අතර, ඔහු වයස අවුරුදු 68ක ලබුවැල්ගොඩ - වළගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය නාගොඩ රෝහල් මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, වැලිපැන්න පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර, මිහින්තලය පොලිස් වසමේ පුත්තලම - ත්‍රිකුණාමලය මාර්ගයේ මාතලේ හන්දිය අසල සිදු වූ රිය අනතුරකින් ද කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් යතුරු පැදියේ ගමන් කළ පසු පැදිකාරිය අනතුරින් මිය ගිය බවත් පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

මරණකාරිය වයස අවුරුදු 64ක සාලිය මාවත - අනුරාධපුරයේ පදිංචි කාන්තාවක්.

අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ, මිහින්තලය පොලිසිය යි.

මේ අතර, පුත්තලම පොලිස් වසමේ කල් අඩිය 06 කණුව අසල දී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන්, යතුරු පැදියේ ගමන් කළ වයස අවුරුදු 27ක පුද්ගලයෙකු ද මිය ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories