සත්වෝද්‍යානය ගැන තීරණයට පශු වෛද්‍යවරුන්ගෙන් සතියක්

Monday, 24 January 2022 - 7:46

%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%81%E0%B7%94+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දෙහිවල සත්වෝද්‍යානයේ මතු ව ඇති අර්බුදයට සතියක් ඇතුළත විසදුම් ලබා නොදුන හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයින් මේ බව සඳහන් කළා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පසුගිය දා දෙහිවල සත්වෝද්‍යානයේ සේවකයින් සත්‍යග්‍රහයක ද නිරත වුණා.

එවන් පසුබිමක දෙහිවල සත්වෝද්‍යානයේ කඩා කප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබද විධිමත් විමර්ශනයක් සිදු කොට පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු දින 14ක් සිය රාජකාරීවලින් ඉවත්වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පසුගිය දා තීරණය කළා.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය එච්.එච්.ඒ.එස්. පියසිරි සහ එහි ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ ඒ පිළිබඳ අදහස් දක්වා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories