සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක්

Monday, 24 January 2022 - 8:24

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7%E0%B6%B8+%E0%B6%A9%E0%B7%92%E0%B6%A2%E0%B7%92%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් තබාගැනීමේ පහසුකම ලබාදීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය සහ විභාග සහතිකය ඇතුළු සියලු අත්‍යවශ්‍ය පෞද්ගලික ලිපි ලේඛන තමන්ගේ ජංගම දුරකථනයෙන් ඩිජිටල් පසුම්බියක් ලෙස තබාගැනීමේ හැකියාව මෙම පහසුකම මගින් ලැබෙනු ඇති.

තරුණ කටයුතු අමාත්‍යාංශය හා සංචාරක අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන වසර දෙකහමාරක් තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

එමෙන්ම මේ වසර තුළ නගර සභා සහ ප්‍රාදේශීය සභා 100 ක් ඩිජිටල්කරණයට ලක් කිරීමටද සැළසුම් කර තිබෙනවා.

එමගින් බදු මුදල් එකතු කිරීම, වෙනත් අය කිරීම් සහ වීථිරේඛා ගෙවීම් ඩිජිටල් තාක්ෂණයෙන් සිදුකිරීමට ජනතාවට හැකියාව ලැබෙන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories