හෝමාගම රෝහලේ සෞඛ්‍ය සේවකයින් අර්බුදයක

Tuesday, 25 January 2022 - 10:15

%E0%B7%84%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A
හෝමාගම මූලික රෝහලේ සේවයේ නියුතු කාර්යමණ්ඩලයේ 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි පවසනවා.

ඒ අනුව වෛද්‍යවරුන් තිදෙනෙකු, හෙද හෙදියන් එකොළොස් දෙනෙකු හා කනිෂ්ඨ කාර්යය මණ්ඩලයේ නව දෙනෙකු ඒ අතරට ඇතුළත්.

මේ අතර හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව ද වැඩි වී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා වාට්ටු දෙකක ඇඳන් 75ක් ඇතත් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 81ක් වන බව ද වාර්තා වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories