රුසියානු හමුදා සියයට 70 ක් සීරුවෙන්

Sunday, 06 February 2022 - 19:56

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+70+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
යුක්රේන දේශසීමාව ආසන්නයේ රඳවා ඇති රුසියානු හමුදා බලඇණි සංඛ්‍යාව 60 සිට 83 දක්වා ඉහළ නංවා ඇති අතර, තවත් බලඇණි 14 ක් එහි පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.

ඇමෙරිකානු ඔත්තු සේවා ප්‍රකාශ කරන පරිදි රුසියාව මේ වනවිට සිය හමුදාවලින් සියයට 70 ක් පමණ සීරුවෙන් තබා අවසන්. එය යුක්රේනයේ පූර්ණ ආක්‍රමණයක් සඳහා ප්‍රමාණවත් බව විශ්වාස කෙරෙනවා.

යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා ගොඩනැංවීම ලබන 15 වනදා වනවිට උපරිම මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. කෙසේ නමුත්, යුක්රේන ආක්‍රමණයකට සූදානම් බවට එල්ල වන චෝදනා රුසියාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories