අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 82,385ක වී අස්වනු නෙලීම සහ වී මිල දී ගැනීම් මේ දිනවල සිදුවනවා.
2022 පෙබරවාරී 6 වැනිදා වන විට යාවත්කාලීන වූ දත්ත අනුව මේ දක්වා අම්පාර දිස්ත්‍රික්කය තුළ මෙට්‍රික් ටොන් 2367ක් වී අස්වනු නෙලා තිබෙනවා.
මල්වත්ත ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක සම්මන්තුරෛ ප්‍රදේශයේ ගොවි ජනතාව මේ වන විට සිය අස්වනු නෙලමින් පවතින අතර සිය වී අස්වැන්න අළෙවි කිරීමේ කටයුතුත් සිදු කරන ආකාරය දක්නට පුලුවන්.
අම්පාර දිස්ත්‍රික්කයේ වී ගබඩාවල ද මේ දින වන ඇත්තේ දැඩි කාර්යබහුල තත්ත්වයක්.
ඒ නිරන්තරයෙන් වී අස්වනු ගබඩා වලට රැගෙන එමින් පවතින නිසා.
මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන් කාබනික පොහොර වගාව සම්බන්ධයෙන් මෙන්ම ඉදිරි වගා කටයුතු සැලසුම් කිරීම් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසත්.
"අපි මේ කාබනික ගොවිතැනට කැමතියී. මේක කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියනවා. මේ සැරේ සෑහෙන මහන්සියක් දරලා මේ ගොවිතැන අපි කළා. අපිට මේ ගොවිතැන කියන එක දාලා යන්න බෑ. අපේ වියදම් මට්ටම බේරගන්න බැරි තැන්වලට සමහර තැන් වලට ආවා. ඒ නිසා ඒක කළමණාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක් දැන් තියනවා වී මිල වැඩි නිසා".
"මේ කාබනික පොහොර වලින් කෘමි හානිය අඩු වුණා, ඊලගට වල් පැලෑටි වර්ධනය වීම අඩු වුණා. ඉතිං මේ ගොයමේ හැදිච්ච වී ඇටේ පවා හොදට පිරිලා වී වල වැඩිපුර බරක් තිබ්බා".
ඒ සේරම කරන්නේ ඉදිරියෙන් කැමරාවක් තියෙන නිසා මෙය මාධ්‍යයක් කැමරාවක් නැත්නම් ඔය කවුරුවත් තණකොළ කන්නෙත් නෑ , පිදුරු කන්නෙත් නෑ , ඉරිඟු බඩ කන්නෙත් නෑ ,මිනිස්සු පාඩුවේ තමන්ගේ රස්සාව කරගෙන යනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සංවර්ධන සහකාර චාමිනී සෝමදාස ද මේ ප්‍රදේශයන් වල වී අස්වනු නෙලීම් සහ වී මිලදී ගැනීම් සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ මෙලෙසින්.
"මෙවර 2021/22 මහ කන්නය සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 82385 ක් වගා කටයුතු සිදු කළා. ඒ වගේම ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා නිකුත් කරා, ගොවීන් එම කාබනික පොහොර යොදා ගෙන සහ යම් සුළු ප්‍රතිශතයක් රසායනික පොහොර යොදා ගනිමින් ඔවුන්ගේ වගා කටයුතු කර අවසන් කර තිබෙනවා. මේ වන විට දිස්ත්‍රික්කය පුරා අස්වැන්න කැපීම ආරම්භ කර තිබෙනවා. ඇත්තටම සංකල්පයක් විදියට ගත්තහම කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් තුළ ධනාත්මක ප්‍රතිචාරයක් තියෙනවා. නමුත් මෙම කටයුත්ත කිරීමේ දී ගොවීන් විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු වෙලා තියෙනවා. ඒ බාධාකාරී තත්ත්වයන් ජය ගනිමින් මෙම කන්නය වගා කටයුතු සාර්ථක ඔවුන් සිදු කරලා තියෙනවා".
අම්පාර දිස්ත්‍රික්කයේ මෙන්ම දිවයිනේ තවත් දිස්ත්‍රික්ක ගණනාවක මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල සිදුවනවා.

Latest News
බණ්ඩාරිගොඩ සහ රංජිත් අලුවිහාරේ තීරණයක් අරන්
Local
24 May 2025

කෙහෙල්බද්දර පද්මේගේ රුව යොදා පාස්පෝට් හැදූ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
24 May 2025

මස්ක්ගේ 'X' හදිසි බිඳවැටීමක්
Local
24 May 2025

මැයි මුල් දින 21ට විදෙස් සංචාරකයින් අනූ දහසක් දිවයිනට
Local
24 May 2025

අභාවප්‍රාප්ත නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට (වීඩියෝ)
Local
24 May 2025

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු රොඩ්නි ගිබ්ස්
Local
24 May 2025

නිළි රැජිණ වෙනුවෙන් ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
24 May 2025

බිහිසුණු අනතුරකින් 7ක් රෝහලට (වීඩියෝ)
Local
24 May 2025

රුසියාවෙන් යුක්රේනයට තවත් ප්‍රහාරයක්
Local
24 May 2025

වෙළඳ ගිවිසුමක් ඇති කර ගන්න සූදානම් බව යුරෝපා සංගමය කියයි
Local
24 May 2025