යුක්රේනයට ඇමරිකාවෙන් ඩොලර් බිලියන 33ක ආධාර

Friday, 29 April 2022 - 10:22

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+33%E0%B6%9A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB
යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක් වටිනා යුධමය, ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දිම සඳහා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඇමරිකානු කොංග්‍රසය වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

යුක්රේනයට ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා සහය විමට එය තීරණාත්මක වන බවයි ජනපති බයිඩ්න් කියා සිටියේ.

කෙසේ නමුත් එය රුසියාවට එල්ල කරන ප්‍රහාරයක් නොවන බව ද ඔහු අවධාරණය කළා.

ජනපති ජෝ බයිඩ්න් යෝජනා කර ඇත්තේ යුක්රේනයට ඩොලර් බිලියන 20ක යුධ ආධාර, බිලියන 8යි දශම 5ක ආර්ථික ආධාර සහ ඩොලර් බිලියන 3ක මානුෂිය ආධාර ලබාදීමට යි.

පසුගිය පෙබරවාරි 24 වන දා රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භ වූ දා පටන් ඇමරිකානු කොංග්‍රසය මගින් යුක්රේනයට ඩොලර් බිලියන 14ක ආධාර අනුමත කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories