විල මැද බංගලාව වට කර වෑල්ඩින් ගැසෙයි (ඡායාරූප - වීඩියෝ)

Wednesday, 04 May 2022 - 6:53

%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+-+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර වැටක් ගසා ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ ඡායාරූප ගණනාවක් ම මේ වන විට සමාජ මාධ්‍යය තුළ සැරිසරන ආකාරය දැකගත හැකි යි.

අද (04) වැනි දා ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත අතර, ඔවුන් පා ගමනින් පැමිණ පාර්ලිමේන්තු ප්‍රදේශයට පිවිසෙතැ යි යන බිය නිසා මෙවැනි ආරක්ෂාවක් යෙදෙවුවා ද යන්න සිතා බැලිය යුතු කරුණක්.

මීට සති දෙකකට පමණ ඉහත දී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ද විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණේ, පා ගමනින් කොළඹට පැමිණ ගාලුමුවදොර විරෝධතාවට සම්බ්න්ධ වීමේ අරමුණෙන්.

නමුත් ඊට ද මෙසේ වෑල්ඩින් වැටවල් ගසා බාධක නිර්මාණය කර තිබූ ආකාරය දැකගන්නට ලැබුණා.

මීට අමතර ව බාධකවලට උල් කම්බි වැනි දේ සවි කොට, කළු ඉටි රෙදිවලින් ආවරණය කර, උගුල් ආකාරයට තැනූ බාධක සහිත ඡායාරූප කිහිපයක් ද සමාජ මාධ්‍යය තුළ හුවමාරු වුණා.

මේ ආදී වෑල්ඩින් වැට බාධක නිසා මහජනතාවට ද සිදු වුණේ, තම එදිනෙදා ගමන් යාම සඳහා සුපුරුදු මාර්ග වෙනුවට විකල්ප මාර්ග තෝරාගැනීමට යි.

මෙසේ පුරවැසි විරෝධතාවක් ඇති වන සෑම විටක දී ම පොලිසිය හා හමුදාව යොදවා වෑල්ඩින් වැට බාධක තැනීම, කව දා වන තුරු සිදු කළ හැකි දෙයක් ද යන්න සමාජ විශ්ලේෂකයන් නඟන පැනයක්.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories