පුටින් යුද්ධය ගැන බටහිරට දොස් පවරයි

Monday, 09 May 2022 - 19:51

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් හමුදා හිට්ලර්ගේ නාසි හමුදා පරදවා ලද යුද ජයග්‍රහණය සිහිපත් කරන, ජයග්‍රාහී දින සැමරුම, මොස්කව් නුවර රතු චතුරස්‍රයේදී දැවැන්ත හමුදා පෙළපාලියක් සමග අද පැවැත්වුණා.

එහිදී ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ බටහිර කදවුරේ ප්‍රකෝප කිරීම් හේතුවෙන් යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවයි.

රුසියානු හමුදා එහිදී මව්බිම රැක ගැනීමේ මෙහෙයුමක නිරත වන බව ජනපති පුටින් කියා සිටියා.

මේ අතර, රුසියානු තෙල් මිල දී ගැනීම නතර කිරීමට ජී - 7 කණ්ඩායමේ ධනවත් රටවල් තීරණය කර තිබෙනවා.

ඒ සමගම ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 107 දක්වා සුළු වශයෙන් පහත වැටුණා.