මිලියන හයක් යුක්රේනය හැර යයි

Friday, 13 May 2022 - 11:50

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය පෙබරවාරි 24 වනදා රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මේ දක්වා මිලියන හය ඉක්මවූ යුක්රේන ජාතිකයන් සරණාගතයන් ලෙස සිය රටෙන් නික්මී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පවසනවා.

මැයි 11 වනදා වනවිට එලෙස රට හැර ගිය යුක්රේන ජාතිකයන්ගේ සංඛ්‍යාව 6,029,705ක් බවයි එමඟින් සඳහන් කළේ.

ඉන් වැඩි පිරිසක් මුලින් පෝලන්තය ප්‍රමුඛ අසල්වැසි රටවලට පලාගොස් ඇති අතර, ඉන් සියයට 90ක්ම කාන්තාවන් සහ ළමයින් බවයි අනාවරණ වී ඇත්තේ.

වයස අවුරුදු 18ත් 60ත් අතර පිරිමි පුද්ගලයන්ට හමුදා සේවය සඳහා රට තුළ රැඳී සිටීමට සිදුවීම ඊට හේතුවයි.

යුද්ධය හේතුවෙන් තවත් මිලියන අටක් පමණ යුක්රේන ජාතිකයන් සිය රට තුළ අවතැන් වී ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනය සඳහන් කළා.