ණය ක්‍රමයක් යටතේ මෙරට ලැබෙන ඉන්දීය පොහොර තොගය (වීඩියෝ)

Saturday, 14 May 2022 - 7:27

%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මෙරට යල කන්නයේ වගා කටයුතු සඳහා ප්‍රමාණවත් යූරියා මෙටි්‍රක් ටොන් 65,000 ක් ශ්‍රී ලංකාවට වහා ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියනයක ණය වැඩපිළිවෙල යටතේ එම පොහොර තොගය මෙරටට හිමිවනු ඇති.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය පොහොර දෙපාර්තමේන්තුවේ ලේකම් රාජේෂ් චතුර්වේදී හමු වී පැවැත්වූ සාකච්ඡාවක දී මේ බව දැනුම් දුන් බවයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර, ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටින මෙරට ගොවීන්ට සහය වීමට සහ අවදානම් කාණ්ඩයේ ළමයින්ට ආහාර ලබාදීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000ක මූල්‍යාධාරයක් පිරිනමන බව එරට විදේශ අමාත්‍යාංශය නිවේදනය කළා.

නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සටහන් කළේ එම මූල්‍යාධාරය ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හරහා ශ්‍රී ලංකාවට ලබාදෙන බවයි.

මෙමගින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර වසර 30 කට අධික කාලයක් පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් වන බවත්, එම කාලය තුළ නවසීලන්තය විසින් ශ්‍රී ලංකාවට නවසීලන්ත ඩොලර් මිලියන 25.07 ක සංවර්ධන ආධාර ලබා දී ඇති බවත් ඇය සිහිපත් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories