ගෑස් ඉල්ලා ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා - මාර්ගත් තැනින් තැන අවහිරයි (වීඩියෝ හා ඡායාරූප)

Saturday, 14 May 2022 - 9:27

%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B7%84%E0%B7%8F+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය අසලින් මාර්ගය මේ වනවිට (14) අවහිර වී තිබෙනවා.

ඒ අද පෙරවරුවේ සිට එම ප්‍රදේශයේ ජනතාව වීදි බැස ගෑස් ඉල්ලා සිදු කරන විරෝධයක් හේතුවෙන්.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම මේ වනවිට එල්.පී. ගෑස් ඉල්ලමින් සිදු කරන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව - ගුණසිංහපුර ප්‍රදේශයෙන් ද මාර්ගය අවහිර වී තිබෙනවා.

වීදි බැස ඇති ජනතාව හිස් වූ සිය ගෑස් සිලින්ඩර ඉහළට ඔසවමින් තමන් හට කඩිනමින් ගෑස් සැපයීම සිදු කරන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා.

මට්ටක්කුලිය - කදිරාන පාලම ආසන්නයේ ගෑස් ඉල්ලා මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙනවා.

ඒ හේතුවෙන් මට්ටක්කුලිය සිට වත්තලට ගමන් කරන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර පවතින අයහපත් කාලගුණය ද නොතකා භුමිතෙල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පාරිභෝගිකයන් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටින් අයුරු අදත් දක්නට ලැබුණා.

හැටන් ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණය ද නොතකා භුමිතෙල් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් අසල අද (14) දින අලුයම සිට පාරිභෝගිකයන් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණු බවයි හැටන් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories