ඊශ්‍රායලයෙන් සහ ස්විට්සර්ලන්තයෙනුත් වඳුරු උණ

Sunday, 22 May 2022 - 19:29

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AB
ඊශ්‍රායලය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් ද වඳුරු උණ ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ එම වසංගතය වාර්තා වන රටවල් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අලුතින් වඳුරු උණ රෝගීන් වාර්තා වූ ඊශ්‍රායලය සහ ස්විට්සර්ලන්තය යන රටවල් දෙකෙන්ම ආසාදිතයින් එක් අයෙකු බැගින් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය, පෘතුගාලය ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය මෙන්ම ඇමරිකාව, කැනඩාව සහ ඕස්ටේ්‍රලියාව යන රටවලින් ද වඳුරු උණ ආසාදිතයන් සොයාගෙන ඇති අතර, යුරෝපයෙන් පමණක් එලෙස හමුවූ ආසාදිත සංඛ්‍යාව 100 ඉක්මවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories