ධම්මික පෙරේරා අමාත්‍යාංශ 23 කට සූදානම් - ඩොලර් උපයන සැලසුම දෙසතියකින් (වීඩියෝ)

Wednesday, 22 June 2022 - 18:47

%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+23+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+-+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඩොලර් උපයා ගන්නා ආකාරය සම්බන්ධයෙන් වන සැලැස්ම ඉදිරි සති දෙක ඇතුළත ලබාදීමට කටයුතු කරන බව අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසනවා.

ඔහු අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ධුරය සඳහායි.

දිවුරුම් දීමට පෙර ඔහු සිය වත්කම් බැරකම් ප්‍රකාශය සහ ආදායම් බදු නිශ්කාෂණ සහතිකය ද කතානායකවරයා වෙත භාර දෙනු ලැබුවා.

ජනාධිපතිවරයා විසින් ගැසට් කරනු ලැබූ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරාට ලබාදෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.