ඇෆ්ගන් භූ කම්පනයේ මරණ දහස පනී

Wednesday, 22 June 2022 - 19:37

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%B4%E0%B6%B1%E0%B7%93
ඇෆ්ගනිස්ථානයේ පක්ටිකා ප්‍රාන්තයේ ගොඩබිම් ප්‍රදේශයක සිදුවූ භූ කම්පනයෙන් ජිවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 600 කට ආසන්න සංඛ්‍යාවක් ඉන් තුවාල ලබා ඇති බවයි.

ඇතැම් දුෂ්කර ගම්මානවල මියගිය පුද්ගලයන් සංඛ්‍යාව මෙතෙක් ගණනය කර නොමැති අතර, වාර්තා වන ජිවිත හානි තවත් ඉහළ යා හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

භූ කම්පනයේ ප්‍රබලත්වය පාකිස්ථානය, ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානයේ මිලියන 119 කට අධික පිරිසකට දැනී තිබුණු බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පෙන්වා දුන්නා.