අද (23) උදෑසන දිවයිනට පැමිණීමට නියමිතව තිබූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්ධන නෞකාව මෙරටට ළඟා වීම දිනයකින් ප්‍රමාද වන බව වාර්තා වනවා.
ඒ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් මගින් කියා සිටියා.
එබැවින්, අද සහ හෙට දිවයින පුරා බෙදා හැරීම සිදු වන්නේ සීමිත පෙට්‍රල් ප්‍රමාණයක් බව ඔහු එම පණිවිඩයේ වැඩි දුරටත් දක්වනවා.
තව ද ඔටෝ ඩීසල් දිවයින පුරා පූර්ණ ධාරිතාවයෙන් යුතුව බෙදා හැරෙන අතර සුපර් ඩීසල් බෙදා හැරීම සිදු වන්නේ සීමිත වශයෙන් බවයි ඔහු සඳන් කරන්නේ.
අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් තොගයට අදාළව ණයවර ලිපි ලබාදීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මීට පෙර තහවුරු කළා.
කෙසේ වෙතත්, මෙම පෙට්‍රල් තොගය තොගය මෙරටට ලබාදීමට පෙර ගෙවීමට හෝ සම්පූර්ණයෙන් ගෙවීමට ඇප වශයෙන් ජාත්‍යන්තර බැංකුවක් ඇමතීමට අදාළ පෙට්‍රල් තොගයේ සැපයුම්කරු පූර්ව කොන්දේසියක් පනවා ඇති බව ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ (22) අනාවරණය කළා.
මෙම ගනුදෙනුව සඳහා ඇපකරය ලෙස HSBC බැංකුව ගෙන ඒමට ශ්‍රී ලංකා රජය උත්සාහ කළ බවත්, බැංකුව ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවත් වෘත්තීය සමිති වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩය පහතින්