ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමක රැදී සිටි තවත් පුද්ගලයෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
මීට පෙර ද එවැනිම සිද්ධීන් 10 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ අතර, කළුතර - ගල්පාත - බටගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි අද (23) ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
63 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා දින 5 කට ආසන්න කාලයක් ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැඳී සිට තිබෙනවා.
අහංගම ප්‍රදේශයේ පදිංචි මොහු පෞද්ගලික ආයතනයක රියදුරෙකු බව සඳහන්.
සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ නිරන්තරයෙන් තම සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසටයි.
මේ අතර, පොළොන්නරුව - හිඟුරක්ගොඩ නගරයේ ඉන්ධන පිරවුම්හලක දින 3ක කාලයක් රැදී සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අසල ඇළක් ආසන්නයේ තිබී අද සොයා ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රි කාලයේදීත් මෙම පුද්ගලයා ඉන්ධන පෝලිමෙහි රැදී සිට ඇති බවටයි පොලීසිය සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
නිවැසියන් විසින් සිදුකළ දැනුම්දීමකට අනුව කළ සොයා බැලීමකදී ඔහුගේ සිරුර සොයා ගෙන තිබෙනවා.