යල කන්නයේ ගොවීන්ට ඉන්ධන නිකුත් කිරීමට පිරවුම්හල් 247කින් පහසුකම්

Thursday, 23 June 2022 - 13:15

%E0%B6%BA%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+247%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A
මෙවර යල කන්නයේ ගොවීන් සඳහා ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහන යටතේ දිවයින පුරා ඉන්ධනහල් 247කින් පහසුකම් සැලසීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, රජය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත, දීප ව්‍යාප්ත වගා සංග්‍රාමය හඳුන්වාදීමේ වැඩසටහනක් ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේදී පැවති අතර, ඊට ගොවීන් විරෝධය පළ කර තිබෙනවා.

ගලෙන්බිඳුණු වැව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පැවති මෙම හමුවට ගොවි සංවිධානවල මෙන්ම වෙනත් අංශවල පිරිස් ද එක්ව සිටි අතර, වගා සංග්‍රාමය පිලිබඳව පැහැදිලි කිරීමත් සමඟයි උණුසුම් තත්ත්වයක් මතුවූයේ.

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් සකස් කරන ලද ව්‍යාපෘතියකට ජාතික ගොවි සම්මේලනයේ පිරිසක් ඇතුලු වීමත් සමග එහි සිටි ගොවීන් විරෝධය පළ කර තිබෙනවා.

නාවලපිටිය - දෙකිද ගලබොඩවත්ත ප්‍රදේශයේ ආරම්භ කළ අමුමිරිස් වගාවක් නිරීක්ෂණය කිරීම සඳහා මෙම පිරිස ඊයේ එක්වුණු අවස්ථාවේදීයි විරෝධය එල්ල වී ඇත්තේ.