විදෙස්ගත පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන වෛද්‍යාධාර නොමිලේ ගෙන ඒමට ශ්‍රී ලංකන් ඉදිරිපත් වෙයි

Thursday, 23 June 2022 - 13:17

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොව පුරා විසිරී සිටින පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයෙන් ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගුවන් ප්‍රවාහන ගාස්තුවලින් තොරව ශ්‍රී ලංකාවේ රෝහල් වෙත රැගෙන ඒමේ කාර්යයක් ශ්‍රීලංකන් ගුවන් සේවය ආරම්භ කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින්.

එහි ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශය, ඉන්දුනීසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, කුවේට් සහ නේපාලය ඇතුළු රටවල්වල සිටින පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන හදිසි වෛද්‍ය සැපයුම් ගුවන් මගින් ගෙන ඒම අඛණ්ඩව සිදු කිරීමට නියමිතයි.