ශ්‍රී ලංකාව; චීනය, ඉන්දියාව සහ ජපානය සමඟ ආධාර සමුළුවක් සැලසුම් කරයි

Thursday, 23 June 2022 - 13:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%3B+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විදේශ රටවල සහය අපේක්ෂා කරමින් ලංකාව චීනය, ඉන්දියාව සහ ජපානය සමඟ ආධාර සමුළුවක් පැවැත්වීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

එහි දී ඔහු ප්‍රකාශ කළේ, "ඓතිහාසික සගයන් වූ ඉන්දියාවේ, ජපානයේ සහ චීනයේ සහය අපට අවශ්‍යයි," යනුවෙන්.

කෙසේ නමුත් ඉන්දියාව විසින් ඉදිරියේ මෙරටට ලබා දීමට සූදානම් සහය පිළිබඳව සහ දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ඉන්දියාවේ විදේශ ලේකම්වරයා ඇතුළු විශේෂ දූත පිරිසක් අද (23) මෙරටට පැමිණියා.

එම විශේෂ දූත පිරිස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග අද පෙරවරුවේ සාකච්ඡාවක ද නිරත වුණා.

එසේ ම එක්සත් ජනපද භාණ්ඩාගාරයේ විශේෂ කණ්ඩායමක් ලබන සතියේ මෙරට සංචාරයක නියැලීමට නියමිත බව ද අග්‍රාමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.