ශ්‍රී ලංකාවට උපරිම සහාය දෙනවා - ඉන්දීය දූත පිරිස ජනපතිට කියති (වීඩියෝ)

Thursday, 23 June 2022 - 14:28

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B8+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%AF%E0%B7%96%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%AD%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා ප්‍රකාශ කරනවා.

ඒ අද (23) ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු විශේෂ ඉන්දීය දූත පිරිස කොළඹ කොටුව ජනාධිපති කාර්‍යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේ දී.

ඉන්දීය ණය ආධාර යටතේ මේ වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලැබී තිබෙන අතර ඒ කටයුතු සම්බන්ධයෙන් සමාලෝචනයක ද නිරත වී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දීමට ඉන්දීය රජයත් දේශපාලන අධිකාරියත් කැපවී සිටින බව අදාළ ඉන්දීය නියෝජිතයන් ජනාධිපතිවරයාට පවසා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

ඉන්දීය විශේෂ දූත පිරිස හමුවේ ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ, "ශ්‍රී ලංකාවට අසීරු මේ අවස්ථාවේ සහාය වෙමින් ඉන්දීය රජය කරන සුවිශේෂි කාර්යභාරයන් වෙනුවෙන් මෙරට ජනතාවගේත් රජයේත් ප්‍රශංසාව සහ ස්තූතිය ඉන්දීය රජයටත් ජනතාවටත් පිරිනමන බව යි.

තව ද මෙම සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දීය ආධාර වැඩපිළිවෙළෙහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට ලක් වී තිබෙන බව අදාළ නිවේදනයේ සඳහන් වනවා.

මෙම අවස්ථාවට ඉන්දීය ආර්ථික සබඳතා පිළිබඳ ලේකම් අජේ සෙත්, ප්‍රධාන ආර්ථික උපදේශක ආචාර්ය වී අනන්ත නාගේෂ්වරන් , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජෙකබ් , ඉන්දීය සාගරික කලාප (IOR) ඒකාබද්ධ ලේකම් කාර්තික් පාන්ඩේ සහ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන අය සහභාගි වී සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories