දෙරටේ ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ තිබෙනවා - ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස්

Thursday, 23 June 2022 - 15:52

%E0%B6%AF%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%91%E0%B7%85%E0%B7%90%E0%B6%B9+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%84%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A
දෙරටේ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය එළැඹ ඇති අතර, එමගින් ඇඟලුම්, කෘෂිකර්ම, සෞඛ්‍ය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බව ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් අරිෆුල් ඉස්ලාම් (Tareq Ariful Islam) පවසනවා.

අද (23) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාවේදියි මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේ.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 2022 දී 50 වසරක් සපිරෙනවා.

මෙම කාලපරිච්ඡේදය තුළ ඉතා සමීපව සහ සුහදව කටයුතු කිරීමට රාජ්‍යයන් දෙකටම හැකි වූ අතර, පවතින ආර්ථික අර්බුදයේ දී ද බංග්ලාදේශය ලබාදෙන සහාය ද මෙහිදී ජනාධිපතිගේ ඇගයීමට ලක් වුණා.

වෙළෙඳ, සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කරගැනීමට දෙරටටම අවස්ථාව ඇති බව පෙන්වා දුන් මහ කොමසාරිස්වරයා පවතින වතාවරණයෙන් කඩිනමින් අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකි වෙතැයි සිය විශ්වාසය ද පළ කළා.