පස්යාල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව කප්පම් ලබා ගැනීමේ ජාවාරමක්

Thursday, 23 June 2022 - 16:39

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නිට්ටඹුව - පස්යාල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව සිදුවන කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

රාත්‍රී කාලයේදී ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් වෙත පැමිණෙන පාරිභෝගිකයින්ගෙන් මුදල් ලබා ගැනීමටයි මෙම කප්පම්කරුවන් පියවර ගෙන ඇත්තේ.

ඇතැම් පුද්ගලයින් පාරිභෝගිකයින් බියවද්දා පෝලිම්වලට යතුරුපැදි සහ ත්‍රිරෝද රථ ද ඇතුළු කිරීම සිදුකරන බවට පොලීසියට පැමිණිලි ලැබී තිබෙනවා.

එමෙන්ම, ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල නතර කර ඇති යතුරුපැදිවල හිස්වැසුම් ද සොරකම් කිරීමේ ජාවාරමක් ද ආරම්භ වී ඇති බවටයි පාරිභෝගිකයින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ.