අද එන පෙට්‍රල් නැව

Friday, 24 June 2022 - 7:36

%E0%B6%85%E0%B6%AF+%E0%B6%91%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80
පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් නෞකාවක් අද දිනයේ දී දිවයිනට ළඟාවීමට නියමිත ව තිබෙනවා.

එය ඊයේ දිවයිනට ළඟාවීමට නියමිත ව තිබුණත් නෞකාව දිනයකින් පමණ ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

එහි වැඩිදුරටත් දැක්වුණේ අද දිනයේ ද පෙට්‍රල් සීමිත තොග ප්‍රමාණයක් බෙදාහැරීම සිදු කරන බවයි.

ඉන්ධන සංචිත පහත බැස ඇති පසුබිමක පිරවුම්හල් ආශ්‍රිත ව පවතින පෝලිම් තවදුරටත් පවතිනවා.

පෙට්‍රල්, ඩීසල් මෙන්ම භූමිතෙල් ලබා ගැනීම සඳහා ජනතාව දින ගණනාවක් පෝලිම්වල රැඳී සිටිනවා.