ඇෆ්ගන් භූ කම්පනයෙන් අතුරුදන් වූවන් සොයන මෙහෙයුම් අවසන් කෙරේ

Friday, 24 June 2022 - 13:02

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පුද්ගලයන් දහසකට වැඩි සංඛ්‍යාවකට මරු කැඳවමින් ඇෆ්ගනිස්ථානයේ පසුගිය බදාදා සිදු වූ භූ කම්පනයෙන් තුවාල සිදු වූ පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීම් සඳහා ප්‍රමාණවත් තරම් වෛද්‍ය සැපයුම් නොමැති බව ඇෆ්ගනිස්ථානය පවසනවා.

එසේම භූ කම්පනයෙන් අතුරුදන් වූවන් සොයා සිදු කරන මෙහෙයුම්ද අවසන් කිරීමට යි එරට බලධාරීන් මේ වනවිට කටයුතු කර ඇත්තේ.

භූ කම්පනයෙන් පුද්ගලයින් 2,000ක් පමණ තුවාල ලැබූ අතර, නිවාස දස දහසකට පමණ හානි සිදු වුණා.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය ආධාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයන ලෙසද ඉල්ලීමක්ද කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.