'CHOGM' රාජ්‍ය නායක සමුළුව ඇරඹේ (වීඩියෝ)

Friday, 24 June 2022 - 15:15

%27CHOGM%27+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
2022 වසරට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය (CHOGM) රාජ්‍ය නායක සමුළුව මීට ටික වේලාවකට පෙර (24) ආරම්භ වී තිබෙනවා.

ඒ රුවන්ඩාවේ කිගාලි නුවරදියි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක් වූයේ මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්.

විදේශ අමාත්‍යවරයා සමුළුවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් ද ඊයේ (23) මුණ ගැසුණා.

මෙම උත්සවය නිල වශයෙන් විවෘත කිරීම අද සිදුවුණා.

ඉන් අනතුරුව අද සහ හෙට යන දෙදින තුළ දී රාජ්‍යයන් නියෝජනය කරමින් ඉහළ පෙළේ රැස්වීම් පැවැත්වෙනු ඇති.