ධම්මික පෙරේරාට ඇමති ධුරයක්? (වීඩියෝ)

Friday, 24 June 2022 - 16:26

%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%3F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ධම්මික පෙරේරා අද (24) පස්වරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව ඔහු තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වන්නේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන්නේ ධම්මික පෙරේරායි.

ඔහු පසුගිය 22වැනි දා කතානායකවරයා ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නා.

ධම්මික පෙරේරා සැලකෙන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක් ලෙසයි.

කෙසේ නමුත් ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට ප්‍රථමයෙන් තමා සභාපතීත්වය සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු දැරූ සමාගම් වලින් ඉල්ලා අස් වීමට කටයුතු කළා.

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම වලක්වාලන්නැයි ඉල්ලමින් අධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්ස ම ද පසුගිය දා අධිකරණය විසින් ඉවත දැමුවා.