යුරෝපා කලාපීය තානාපතිවරු සහ ජනපති අතර හමුවක්

Friday, 24 June 2022 - 16:26

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%93%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
යුරෝපා කලාපීය රටවල තානාපතිවරුන් අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුව තිබෙනවා.

ඒ කොටුව ජනාධිපති මන්දිරයේදීයි.

ආයෝජන, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම පවතින පොහොර සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා, තානාපතිවරුන් දැනුවත් කර තිබුණා.

යුරෝපා සංගමයේ තානාපති මෙන්ම, ප්‍රංශ, ඉතාලි, නෝර්වේ, නෙදර්ලන්තය, ජර්මනිය, තුර්කිය, රුමේනියා, ස්විට්සර්ලන්ත යන රටවල තානාපතිවරුන් මෙලෙස අද ජනාධිපතිවරයා හමුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.