හැම විට ම ජපානය අපට ආධාර උපකාර කළා - නිමල් සිරිපාල ද සිල්වා

Friday, 24 June 2022 - 16:50

%E0%B7%84%E0%B7%90%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%A7+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B6%8B%E0%B6%B4%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F+-+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප දේශපාලන හා ආර්ථික සබඳතාවය නිසා අප රට දියුණු කිරීමට හැමවිටම ජපානය අපට ආධාර උපකාර කළ බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි අද (24) හමු වූ අවස්ථාවේ දී යි.

තව ද, පසුගිය කාලයේ ගත් සමහර දේශපාලන තීන්දු හේතුවෙන් ජපානය සහ අප රට අත්සන් කළ වටිනා සංවර්ධන ව්‍යාපෘති අහෝසි කිරීමට සිදුවීම පිළිබඳ තමා කණගාටු වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේ ම තමා, අමාත්‍ය ධුරය දැරූ සමයේ පේරාදෙණිය ළමා රෝහල, පොළොන්නරුව මහ රෝහල හා තවත් සෞඛ්‍ය අංශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් සඳහා ජපානය ආධාර කළ බව ද අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කළා.

මෙම සාකච්ඡාවේ දී, ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් ඇරඹූ කටුනායක ගුවන්තොටුපල දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වීම පිළිබඳ අමාත්‍යවරයා මෙහි දී තානාපතිවරයාගේ අවධානය යොමු කළා.

තව ද ඒ පිළිබඳ විශේෂ වාර්තාවක් ජපන් තානාපතිවරයාට භාර දීමට අමාත්‍යවරයා කටයුතු කළා.

එහිදී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි පෙන්වා දුන්නේ පැවති කොරෝනා උවදුර සහ වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වී ඇති බවට තමාට වාර්තා වී ඇති බව යි.

තව ද, මෙහි දී අමාත්‍යවරයා යෝජනා කර සිටියේ, කටුනායක ව්‍යාපෘතිය සඳහා වන ගෙවීම් වලින් සියයට හැට පහක් (65%) පමණ ජපාන යෙන් වලින් සිදු කර ඇති බැවින්, එම අරමුදල්වලින් ඉන්ධන කොන්ත්‍රාත් සමාගම්
වෙත විදේශ විනිමය යොදා මිලදී ගන්නා ඉන්ධන ලංකාවට ගෙන එන්නේ නම් ඒවා ගොඩබෑමට සහ ප්‍රවාහනයට
අවශ්‍ය පහසුකම් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කර ලබා දිය හැකි බවයි.

එසේම ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත නව කර්මාන්ත පුරයක් සඳහා ඉඩම් මේ වන විට වෙන්කර ඇති බැවින් එම
අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ජපන් ආයෝජකයන් දිරිමත් කරන ලෙස ද අමාත්‍යවරයා මෙහි දී ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියා.