දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වේ

Friday, 24 June 2022 - 16:55

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මෙලෙස වැසි වැඩිවිය හැකි බවයි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදුරළ මීටර් 2 ත් මීටර් 2 යි දශම 5 ත් අතර මට්ටමකින් ඉහළ යාමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව කියා සිටියා.