චාමික සිය මංගල අර්ධ ශතකය අද වාර්තා කරයි

Friday, 24 June 2022 - 17:21

%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී සිය මංගල අර්ධ ශතකය ලබා ගැනීමට චාමික කරුණාරත්න අද (24) සමත් වුණා.

ඒ මේ වනවිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් එක්දින තරගයට මුහුණදෙමින්.

සිය මංගල අර්ධ ශතකය ලබා ගැනීමට චාමික වැයකළ පන්දු සංඛ්‍යාව පන්දු 62ක්.

සිය අර්ධ ශතකය වෙනුවෙන් ඔහු හතරේ පහරවල් 07ක් ලබා ගැනීමට සමත්වුණා.

කෙසේවෙතත් මෙම තරගයේ දී සෙසු කිසිදු ක්‍රීඩකයෙකු හට ලකුණු රිසි සේ ලබා ගැනීමට ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පෙර තරගවල දි අගනා පිතිකරණයක නිරත වු කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක හා පැතුම් නිස්සංක මෙවර අඩු ලකුණු සංඛ්‍යාවකින් යළි ප්‍රේක්ෂකාගාරයට හරවා යැවීමට ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් ද, අසලංක 14ක් ද, සිය කණ්ඩායමේ ලකුණු පුවරුව වෙනුවෙන් එක් කළා.

නමුත් ධනුෂ්ක ගුණතිලක ඇතුළු පිතිකරු ලැයිස්තුවේ සිටින සෙසු කිසිදු ක්‍රීඩකයෙකු මෙම තරගයේ දී සාර්ථක වූයේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් කඩුලු 07 ලකුණු 100ට අඩු සීමාවක දී බිඳ වැටුණු අවස්ථාවකදියි චාමික කරුණාරත්න, සිය සගයා වූ ප්‍රමෝද් මධුෂාන් සමග එක්ව 09 වැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව යළිත් ශක්තිමත් කිරීමට සමත් වූයේ.

මේ වනවිට ශ්‍රී ලංකා පිල කඩුලු 09ක් දැවී ලකුණු 143ක් ලබා සිටිනවා.

චාමික කරුණාරත්න සමගින් පිටියේ රැඳී සිටින්නේ මහීෂ් තීක්ෂණයි.