චාමික මංගල අර්ධ ශතකය සපුරද්දී, අවසන් එක්දින තරගයේ පෙරහැරේ ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ

Friday, 24 June 2022 - 17:57

%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D
සංචාරක ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඔස්ට්‍රෙලියානු පිලට හිමි වූ ඉලක්කය ලකුණු 161ක්.

කාසියේ වාසිය දිනූ නායක දසුන් ශානක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

එම තීරණය අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පෙර තරගවලදී දැක්වූ දස්කම් අතරට ප්‍රවිශ්ට වීමට කැන්ගරුවන් ඉඩ ලබාදුන්නේ නැහැ.

කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් ලකුණු 10කට අඩු ලකුණු සංඛ්‍යාවකින් යළි ක්‍රීඩාගාරයේ ප්‍රේක්ෂකයින් බවට පත් කිරීමට ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් සමත් වුණා.

මුල් කඩුලු 07ම ලකුණු 100කට අඩුවෙන් දැවී යද්දී පිතිකරණයේ වගකීම කරට ගත් චාමික කරුණාරත්න ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන්ට දිගට හරහට පිටිය පුරා රිසිසේ පහර එල්ල කරන්න පටන් ගත්තා.

ඒ අනුව සිය මංගල අර්ධ ශතකය ලබා ගැනීමට අද තරගයේ දී චාමික කරුණාරත්න සමත් වුණා.

ඔහුගේ අර්ධ ශතකයට හතරේ පහරවල් 08ක් සහ හයේ පහරවල් 02ක් ඇතුළත්.

ඊට අනගි සහායක් දෙමින් අද තරගයෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් ප්‍රමෝද් මධුෂාන් 09 වැනි කඩුල්ලේ රැඳී සිටිමින්, චාමිකට විශාල සහායක් ලබා දුන්නා.

ප්‍රමෝද් මධුෂාන් ලකුණු 15ක් ලබා ගත්තේ හතරේ පහරවල් 02ක් ද එල්ල කරමින්.

මෙම තරගාවලියේදී පිත්තෙන් වැඩි දස්කම් දැක්වීමට සමත් වූ කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක සහ පැතුම් නිස්සංක හට අඩු ලකුණු සංඛ්‍යාවකට යළි ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමටයි ඔස්ට්‍රෙලියානු පන්දු යවන්නන් මෙවර අවස්ථාව ලබා දුන්නේ.

අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන ධනුෂ්ක ගුණතිලක හා දිනේෂ් චන්දිමාල් මෙවරත් අසාර්ථක ඉනිමකට මුල පිරුවා.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 08ක් ලබා සිටියදී දැවී ගියේ වේගපන්දු යවන්නෙකු වන හේසල්වුඩ්ගේ පන්දුවකට ෆින්ච්ගේ අතට උඩ පන්දුවක් පිරිනමමින්.

කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් රැස් කළා.

Josh Hazlewood හා Matthew Kuhnemann සිය කණ්ඩායම වෙනුවෙන් කඩුලු 02ක බැගින් බිඳ දමද්දී තුන් ඉරියව් ක්‍රීඩක් ග්ලේන් මැක්ස්වෙල්ට එක් කඩුල්ලක් හිමි වුණා.

ජයග්‍රහණය සඳහා කැන්ගරුවන්ට හිමි වූ ලකුණු සංඛ්‍යාව 161ක්.

කෙසේවෙතත් තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ මේ වනවිට සමස්ත තරගාවලියේ ම ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ පැවති තරග 04න් 03ක ජය තමන් සතු කරගනිමින්.