ධම්මික පෙරේරා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි (වීඩියෝ)

Friday, 24 June 2022 - 18:25

%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා අද (24) පස්වරුවේ අයෝජන ප්‍රවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයේ
දිවුරුම් දුන්නා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදියි.

බැසිල් රාජපක්ෂගේ ඉවත්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා නව අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සිදු කෙරුණේ අද පස්වරුවේ ජනාධිපති මන්දිරයේදියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 10 වැනිදා නව අමාත්‍යාංශ දෙකක් පිහිටවු අතර එහි එක් අමාත්‍යාංශයක් වන අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා ලෙස ධම්මික පෙරේරා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මේ අතර ජනාධිපතිවරයා විසින් පසුගිය 10 වැනිදා තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළ අතර ඊට ආයතන 15ක් අයත් වනවා.

එම ආයතන වන්නේ, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම්, කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැනි ප්‍රයිවෙට් ලිමිටඩ්, ටෙක්නො පාක් ඩිවලොප්මන්ට් කම්පැනි ප්‍රයිවෙට් ලිමිටඩ්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, ඇතුලු දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 15ක්.