ඉකුත් මැයි නව වැනි දා අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීම ඇතුළු සිද්ධි මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) සී.අයි.ඩීයට කැඳවා තිබුණා.
සී.අයි.ඩීයට පැමිණි මන්ත්‍රීවරයා ඉන් පිටව ගියේ පැය හතර හමාරක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි.
ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැම්ණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදියෙකු "ප්‍රකාශය ලබා දුන්නා ද?" යනුවෙන් ඇසූ අතර, මන්ත්‍රීවරයා ඊට පිළිතුරු දුන්නේ "ප්‍රකාශයක් ලබා දුන්න නිසා තමයි යන්නේ" යනුවෙන්.
කෙසේ නමුත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකුට ලබන මස 4 වැනි දා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද (24) සිතාසි නිකුත් කෙරුණා.
ඒ, 2010 වසරේ වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූලව රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ, යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම පැවරූ නඩුවට අදාළව යි.