තෙල් ගන්න සාකච්ඡාවට ඇමතිවරුන් දෙදෙනකු හෙට රුසියාවට - ටෝකන් ක්‍රමයටත් තෙල් (වීඩියෝ)

Sunday, 26 June 2022 - 13:55

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%A7%E0%B7%9D%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් රුසියාව සමඟ සාකච්ඡා කිරිමට අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට එරට බලා පිටත්ව යාමට නියමිතයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ වෙනත් රාජාතාන්ත්‍රික කටයුත්තක් සඳහා සහභාගි වන අතරතුර ඔවුන් අදාළ සාකච්ඡා සඳහා එක්වන බවයි.

මේ අතර රට සතුව මේ වන විට පවතින්නේ, ඩීසල් මෙටි්‍රක් ටොන් 9000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,000ක් පමණක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්. ඔහු මෙහි දී කියා සිටියේ මීට අමතරව හෙට දිනයේ අයි.ඕ.සී සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම, ණය ක්‍රමවේදයක් යටතේ ඉන්ධන ආනයනය කිරීමේ එකඟතාව මත වෙනත් සමාගම් සඳහා මෙරට ඉන්ධන පිරවුම්හල් ලබා දීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ඒ පිළිබඳ යෝජනාව හෙට (27) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ඊයේ රැස් වූ ආරක්ෂක මණ්ඩලය විසින් ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන ජනතාවට ටෝක්න් පත් ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.

හෙට සිට එම ටෝකන් පත් ක්‍රමය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය කංචන විජේසේකර එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත අද චක්‍රලේඛයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනතාව මුහුණදී ඇති ගැටලුකාරී තත්ත්වය සැළකිල්ලට ගෙන නැවත දැනුම්දෙනතුරු අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවා ස්ථානයට කැඳවීමටත්, හැකි සෑම අවස්ථාවකදීම සේවකයන් නිවසේ රැඳී සිටීමට ඉඩ දෙමින් ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමට ප්‍රමුඛතාව ලබාදෙමින් කටයුතු කරන ලෙසයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories