ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධීව යන ලාංකිකයන්ගේ වැඩිවීමක්

Sunday, 26 June 2022 - 16:12

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ දරණ ශ්‍රී ලාංකිකයන්ගේ වැඩිවීමක් පසුගිය කාලසීමාව තුළ දක්නට ලැබෙන බව පොලිසිය පවසනවා.

මෙම වසරේ ජනවාරි 1 වනදා සිට මේ දක්වා එලෙස නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සහ දැරූ 399 දෙනෙකු පමණ නාවික හමුදාව සහ පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

කිසිදු හේතුවක් මත ඔස්ට්‍රේලියායානු රජය නීතිවිරෝධී ලෙස එරටට ඇතුලුවන පුද්ගලයන්ට එරට තුළ රැඳී සිටීමට හෝ ඇතුලුවීමට අවස්ථාවක් ලබා නොදෙන අතර, එම අවස්ථාවේම ඔවුන් එරටින් පිටුවහල් කරනු ලබනවා.

ගතවූ කාලය තුළ එලෙස පිටුවහල් කළ ලාංකිකයින් සංඛ්‍යාව 91 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories