විදෙස් සමාගම් සඳහා මෙරට ඉන්ධන පිරවුම්හල් ලබා දීමේ යෝජනාවක් (වීඩියෝ)

Sunday, 26 June 2022 - 20:24

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ණය ක්‍රමවේදයක් යටතේ ඉන්ධන ආනයනය කිරීමේ එකඟතාව මත ඉන්ධන නිෂ්පාදනය කරන රටවල සමාගම් සඳහා මෙරට ඉන්ධන පිරවුම්හල් ලබා දීම පිළිබද යෝජනාවක් හෙට පැවත්වෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගම වැනි ලොව ඇති ඉන්ධන නිෂ්පාදනය කරන රටවල ඕනෑම සමාගමකට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

මෙරට ඇති පිරවුම්හල් 1190ක් වෙනත් සමාගම්වලට ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

එම සමාගම්වලට වසරක හෝ මාස 6ක කාලයක් සඳහා ඉන්ධන පිරවුම්හල් ලබාදෙන අතර ඔවුන් එම සමාගම්වල ණය ක්‍රමයක් යටතේ මෙරටට ඉන්ධන ආනයනය කළ යුතු බවට වන කොන්දේසියක් පැනවෙනවා.

එසේ නොමැති වුවහොත් කුමන සමාගමක් පැමිණිය ද ඉන්ධන ආනයනයට ඩොලර් ලබාගැනීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලැබෙනතුරු රට වසා දැමිය යුතු බවට තමා රජයට යෝජනාවක් ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර, රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරු දෙදෙනෙකු හෙට දිනයේ රුසියාව බලා පිටත්ව යාමට නියමිතයි.

මේ වනවිට කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තවල පවතින ඉන්ධන සංචිත පිළිබඳව ද බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා දැනුම් දුන්නා.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 9000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6000ක් පමණ'මේ වනවිට රට තුළ'පවතින බවයි ඔහු සඳහන් කළේ.

ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට රජය අර්බුදයකට මුහුණ දී සිටින බවයි බලශක්ති අමාත්‍යවරයා කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ.

ඉන්ධන පිරවුම්හල් අසල මේ වනවිට පෝලිම්වල රැදි සිටින ජනතාවට හෙට සිට ටෝකන් පත් ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

එමෙන්ම වාහන හිමි සෑම පුද්ගලයෙකුම ලියාපදිංචි කිරීමට නව වැඩපිළවෙළක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය යටතේ මෙම ලියාපදිංචි කිරීම සිදුවන අතර ග්‍රාම නිලධාරීන්, කෘෂි සහ සංවර්ධන නිලධාරීන් හරහා අදාළ ලියාපදිංචි කිරීම් සිදු කෙරෙනු බවයි අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ.

එමෙන්ම භූමිතෙල් ලීටරයකින් රුපියල් 444ක පාඩුවක් සිදුවන බව ද ඔහු ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories