නව කොවිඩ් ප්‍රභේද රටවල් 110කින් හමුවේ

Thursday, 30 June 2022 - 7:39

%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B7%9A%E0%B6%AF+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+110%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
බී.ඒ. 04 සහ බී.ඒ.05 කොවිඩ් වෛරස ප්‍රභේද ලොව පුරා ඉතා ශීඝ්‍රයෙන් පැතිර යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වනවිට ලොව රටවල් 110කින් මෙම වෛරස් ප්‍රභේද ආසාදනය වූවන් සොයාගෙන ඇති බවයි.

මෙතෙක් ලොව පුරා ව්‍යාප්ත වූ වෛරස් ප්‍රභේද‍යන්ට වඩා ප්‍රබල සහ වේගවත් පැතිර යාමක් පෙන්නුම් කරන බී.ඒ. 04 සහ බී.ඒ.05 වෛරස් ප්‍රභේදය ඉදිරියේ දී ලෝක සෞඛ්‍යයට ඉතා බරපතළ තත්ත්වයක් ඇති කරනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

මෙම වෛරස් ප්‍රභේදය පැතිර ගියහොත් ඒ හරහා සමස්ත ගෝලීය රෝගීන්ගේ 20% ක පමණ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා.

එමෙන්ම, මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය කලාප හයෙන් තුනක මෙම වෛරස් ප්‍රභේදයේ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories